ඉරාන න්‍යෂ්ටික සාකච්ඡා නැවත බල ගැන්වීමට සූදානම් බව එරට නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය අලි බගේරි කානි පවසනවා.
යුරෝපා සංගමයේ මැදිහත්කරුවන් සමග බ්‍රසල්ස් නුවරදී පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව දැනුම් දී තිබෙනවා. සාකච්ඡා සම්බන්ධයෙන් වූ ස්ථීර දිනය ලබන සතියේ මුල් දින කිහිප ඇතුළත නිවේදනය කිරීමට නියමිතයි. 2015 වසරේ දී බ්‍රිතාන්‍ය, චීනය, ප්‍රංශය, ජර්මනිය, රුසියාව සහ ඇමෙරිකාව, ඉරාන න්‍යෂ්ටික සාකච්ඡා සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹුණා. 2018 වසරේ දී ඇමෙරිකාව එම ගිවිසුමෙන් ඉවත්වීමත් සමග ඉරානයට නැවතත් සම්බාධක පැනවීමට ඔවුන් කටයුතු කළා.
මේ වනවිට ඇමෙරිකාවේ බැංකුවල රදවා ඇති ඉරාන වත්කම් නිදහස් කරන මෙන් ඉරානය ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.
The post ඉරාන න්‍යෂ්ටික සාකච්ඡා නැවත බල ගැන්වීමට සූදානම් appeared first on ITN News.
Post a Comment