Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සුඩානයට ලබාදෙන හදිසි ආධාර කපාහැරීමට ලෝක බැංකුව තීරණය කරයි  

Add comments

සුඩානයේ හමුදා කුමන්ත්‍රණය හේතුවෙන් එරටට ලබාදෙන හදිසි ආධාර කපාහැරීමට ලෝක බැංකුව තීරණය කර තිබෙනවා.

පැවති රජයේ දේශපාලනික නායකයින් අත්අඩංගුවට ගනිමින් පසුගිය සඳුදා සුඩාන හමුදා නායකයින් එරට බලය අත්පත් කරගනු ලැබුවා. මෙම ව්‍යවස්ථා විරෝධී අත්පත්කර ගැනීමට එරෙහිව සුඩානයේ නගර රැසක විරෝධතා උත්සන්න වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම බලය පැහැර ගැනීම ලෝක ප්‍රජාවේ ද දැඩි අප්‍රසාදයට ලක්වුණා. මේ හේතුවෙන් අප්‍රිකානු සංගමය ද සුඩානයට ලබාදෙන ඇමෙරිකා ඩොලර් මිලියන 700 ක ආධාර අත්හිටුවාලීමට කටයුතු කළා. දශක ගණනාවක් පුරා සුඩානයේ පවතින සිවිල් යුද්ධය අවසන් කිරීමේ අරමුණෙන් එරට බලය තම යටතට පත්කරගත් බව සුඩාන හමුදා පවසනවා. සිවිල් යුද්ධය මෙන්ම ආර්ථික කඩාවැටීම හමුවේ සුඩානය තවදුරටත් අභියෝගාත්මක අවධියකට අවතීර්ණ ඇති බවයි විදෙස් විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

 

 

 

The post සුඩානයට ලබාදෙන හදිසි ආධාර කපාහැරීමට ලෝක බැංකුව තීරණය කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG