Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වෙයි  

Add comments

ජාත්‍යන්තර ප්‍රකට පුරාවිද්‍යාඥයෙකු මෙන්ම හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වූ ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වුණා. ඒ මහතා මිය යන විට 79 වන වියේ පසුවුණා.

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ සිරාන් දැරණියගල මහතා වාස්තු විද්‍යාව සහ සංස්කෘතික භාෂාව සම්බන්ධයෙන් ශාස්ත්‍ර වේදී සහ ශාස්ත්‍රපති උපාධි ලබා ගත්තේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන්. ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව සම්බන්ධයෙන් ගෞරව උපාධියක් ද ඒ මහතා හිමි කර ගෙන තිබෙනවා. ඒ අනුව 1968 වසරේ ඒ මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එක් වන්නේ කැණීම් අංශයේ සහකාර කොමසාරිස්වරයෙකු ලෙසයි. 1992 වසරේ සිට 2001 දක්වා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස සිරාන් දැරණියගල මහතා පුරාවිද්‍යා ක්ෂේත්‍රයට අනුපමේය මෙහෙයක් ඉටු කළා. පාහියංගල ලෙන ආශ්‍රිත පුරාවිද්‍යා කැණීම් සිරාන් දැරණියගල මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ වන අතර පුරාවිද්‍යාත්මක සාධක සහිත මිනිස් සුසානයක් පාහියංගලින් සොයා ගන්නේ ද එම කැණීම් වලදීයි.

ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ ආශ්‍රිතව ඉරනමඩු පාංශු සංගතිය සම්බන්ධයෙන් සිරාන් දැරණියගල මහතා කළ ගවේෂණ ඇතුළත් නිබන්ධනයට හාවඩ් විශ්වවිද්‍යාලය ඒ මහතාට ආචාර්ය උපාධියද පිරි නැමුවා.

අනුරාධපුර ගෙඩිගේ ආශ්‍රිත පුරා විද්‍යා කැණීම් ඇතුළු මෙරට පුරා විද්‍යා පර්යේෂණ රැසකට ආචාර්ය සිරාන් දැරණියගල මහතා සිය දායකත්වය ලබා දී තිබෙනවා.

 

The post ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG