Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පකිස්ථාන මහ කොමසාරිස්වරයා වෙළඳ අමාත්‍යවරයා හමුවෙයි  

Add comments

පකිස්තානයේ වැඩබලන මහ කොමසාරිස් තන්වීර් අහමඩ්,  වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ පකිස්ථාන – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ ද්විපාර්ශ්වික වෙළඳාම විධිමත් කිරීම සහ වැඩිදියුණු කිරීමේ ඉදිරි මාවතක් සැකසීම සඳහා ඉතා ඵලදායී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එම අවස්ථාවට වෙළෙඳ හා ආයෝජන උපදේශකා අස්මා කමල් මහත්මිය එක්වසිටියා.

ශ්‍රී ලංකාවේ පකිස්තානයේ බෞද්ධ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ද්විපාර්ශ්වික වෙළෙඳාම, ආයෝජන සහ ආර්ථික සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා පාකිස්ථාන රජය විසින් ගෙන යන විවිධ වැඩසටහන් පිළිබඳව වැඩබලන මහ කොමසාරිස්වරයා වෙළඳ අමාත්‍යවරයා දැනුවත් කළා.

මිත්‍ර රටවල් දෙක අතර පවතින ඉහළ ද්විපාර්ශ්වික වෙළෙඳ කටයුතු සඳහා අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක අයුරින් බාධාවන් නිරාකරණය කර ගැනීමට හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට දෙපාර්ශ්වයම එකඟ වී තිබෙනවා.

 

The post පකිස්ථාන මහ කොමසාරිස්වරයා වෙළඳ අමාත්‍යවරයා හමුවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG