Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදේශ ඇමති මහජන මන්ත්‍රී මණ්ඩලයේ කථානායක හමුවෙයි  

Add comments

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා  මහජන මන්ත්‍රී මණ්ඩලයේ කථානායක ශ්‍රීමත් ලින්ඩ්සේ හොයිල් මැතිතුමා හමුවිය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව බිහි වූයේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුවේ අනුරුවක් පරිදි බව සිහිපත් කළ අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා, දෙරටේ ව්‍යවස්ථාදායක සභා දෙක අතර පවත්නා බැඳීම් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව උනන්දු වන බව ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකාව සිය ව්‍යවස්ථාදායක ආයතනවල ප්‍රතිසංස්කරණ පිළිබඳව සලකා බලන බවත්, 1972 වර්ෂයට පෙර පැවති ද්විමණ්ඩල ව්‍යවස්ථාදායකය නැවත පණ ගැන්වීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කරන බවත් එතුමා පැවසී ය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් එකක පමණ පිරිසක් වයස අවුරුදු 35ට අඩු, ක්‍රියාශීලි බවින් යුත් මන්ත්‍රීවරු වන බව ද එතුමා පැවසී ය.

කාරක සභා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය සහ ඒවාට වැඩි වගකීම් පැවරීමේ අවශ්‍යතාව අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා අවධාරණය කළේ ය. පොදුරාජ්‍ය මණ්ඩලයීය සන්දර්භය තුළ පවත්නා සහයෝගිතාව පිළිබඳව සඳහන් කළ එතුමා, පොදුරාජ්‍ය මණ්ඩලය විවිධත්වය අගයන බවත් ඵලදායී වැඩවල නිරත වන බවත් ප්‍රකාශ කළේ ය. අන්‍යෝන්‍ය වශයෙන් පහසු වේලාවක ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස අමාත්‍ය මහාචාර්ය පීරිස් මහතා ශ්‍රීමත් ලින්ඩ්සේ හොයිල් මැතිතුමාට ආරාධනා කළේ ය.

පාර්ලිමේන්තුවේ කාරක සභා ශක්තිමත් කිරීම සහ බලගැන්වීම තුළින් රජයේ වැඩ කටයුතු නිසි ලෙස පරීක්ෂා කිරීම සඳහා මග පාදන බව ශ්‍රීමත් ලින්ඩ්සේ මැතිතුමා එකඟ විය. ව්‍යවස්ථාදායක සභාවක දෙවන සභා ගර්භය ගත් කල, තේරී පත් වූ නියෝජිතයන්ගේ මණ්ඩලයේ උත්තරීතරභාවය වැදගත් වන බවත්, දෙවන සභා ගර්භය පමණ නොඉක්මවිය යුතු බවත් එතුමාගේ මතය විය. පොදුරාජ්‍ය මණ්ඩලය යනු එකම පවුලක් බවත් එය එකිනෙකාට උපකාර කිරීම සඳහා වන සංවිධානයක් බවට ද එතුමා එකඟ විය.

පුද්ගලික වශයෙන් හැකි ඉක්මනින් ශ්‍රී ලංකාව වෙත පැමිණෙන ලෙස කරන ලද ආරාධනය ශ්‍රීමත් ලින්ඩ්සේ මැතිතුමා පිළිගත්තේ ය.

The post විදේශ ඇමති මහජන මන්ත්‍රී මණ්ඩලයේ කථානායක හමුවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG