එක්සත් ජාතින්ගේ පරිසර වැඩ සටහනෙහි ආසියා ශාන්තිකර කලාපයේ සාමාජික රටවල පරිසර බලධාරින්ගේ 04 වන සැසිවාරයේ සභාපති ධුරයට විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත්වේ.
අද දින (06) කොරියා ජනරයේ සුවොන් සිටි හි පැවැති සැසිවාරයේ දී වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සභාපතිධුරය සඳහා පත් කර ගනු ලැබීය.
ඒ අනුව ඒ මහතා ලබන වසරේ පෙබරවාරි මාසයේ පැවැත්වෙන එක්සත් ජාතින්ගේ පාරිසරික වැඩ සටහනේ 05 වන මහා සභා රැස්වීමේ දී ආසියා පැසිපික් කලාපයේ පරිසර බලධාරින්ගේ නියෝජිත බියුරෝවේ සභාපති වශයෙන් එම සැසිවාරය නියෝජනය කිරීමට නියමිතය.
විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඉදිරි වසරක කාලය වෙනුවෙන් මෙම තනතුර සඳහා තේරී පත්වී ඇත්තේ මේ දිනවල දකුණු කොරියාවේ සුවොන් නගරයේ පැවැත්වෙන ආසියා පැසිපික් කලාපයේ පරිසර අමාත්‍යවරුන්ගේ 04 වන සැසිවාරයට සමගාමීව පැවැත්වෙන පරිසර බලධාරින්ගේ නියේජිත සමුළුවේ දීය.
ආසියා පැසිපික් කලාපයේ රටවල් 47ක පරිසර අමාත්‍යවරුන් හා බලධාරින් මෙම සමුළුව නියෝජනය කරනු ලබයි.
The post විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහට සභාපති ධුරයක් appeared first on ITN News.
Post a Comment