එළඹෙන ජනවාරි මාසයේ නව ක්‍රීඩා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (05) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පක්ෂ විපක්ෂ භේදයකින් තොරව, පනත සඳහා අදහස් දක්වමින් මෙරට ක්‍රීඩාව නඟා සිටුවීමට කටයුතු කරන්නැයි අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
තවද, හිටපු ක්‍රීඩා අමාත්‍යවරු සියළු දෙනා කැඳවා , නව ක්‍රීඩා පනත සකස් කිරීම සඳහා අඳහස් සහ යෝජනා ලබා ගන්නා බවද අමාත්‍යවරයා කීය. පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඔීනෑම කෙනෙකුට ක්‍රිකට් හෝ වෙනත් ක්‍රීඩා සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවත් පැමිණිලි ඉදිරිපත් කළ පමණින්ම දඩුවම් දිය නොහැකි බව පැවසු අමාත්‍යවරයා, එසේ වුවහෝත් ඉදිරියේදී ක්‍රීඩාව සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවනු ඇතැයිද කීය.
හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් 2011 ලෝක කුසලාන අවසන් මහ තරඟය පාවාදීමක් සිදුවූ බවට සිදුකළ ප්‍රකාශය ගැන නිසි සාක්ෂි නොමැති බව පවසමින් එම පරීක්ෂණ අවසන් කිරීමට නීතිපතිවරයා පසුගියදා තීරණය කරනු ලැබීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නිරනත්තරයෙන්ම ක්‍රීඩා සංගම් සහ ක්‍රීඩකයන් සම්බන්ධයෙන් විවිධ චෝදනා කරන බවත් එමගින් සිදු වන්නේ ක්‍රීඩකයන් මෙන්ම ක්‍රීඩා සංගම්ද දේශපාලනීකරණය වීම බවද අමාත්‍යවරයා වැඩදුරටත් සඳහන් කළේය.
The post නව ක්‍රීඩා පනත ජනවාරි මාසයේ පාර්ලිමේන්තුවට appeared first on ITN News.
Post a Comment