Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සෞභාග්‍යා ගෙවතුවගා වැඩසටහන තවදුරටත් සාර්ථකව ක්‍රියාත්මකයි  

Add comments

සෞභාග්‍යා  ගෙවතුවගා වැඩසටහන තවදුරටත් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති අටක් ක්‍රියාත්මක වනවා. මේ යටතේ තමන්කඩුව කොට්ඨාසයේ ශාන්තිපුර හා සිංහ පුර යන ගම්මාන කේන්ද්‍ර කර ගනිමින් ගම් කිකිළි බිත්තර නිෂ්පාදනය සිදු කෙරෙනවා. මෙම ගම්මානවල එම ව්‍යවසායකයින් සිය දෙනෙකුට රුපියල් කෝටියක මූල්‍ය ප්‍රතිපාදන ප්‍රදානය කිරීම අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

ඇඹිලිපිටිය  සෞභාග්‍යා වැඩසටහන යටතේ ලබාදුන් බීජ මුංඇට වපුරා සාර්ථක අස්වැන්නක් ලැබූ බව ඇඹිලිපිටිය කළු මූකලාන හා පනහඩුව යන ගම්මානවල ගොවීන් පවසනවා. මෙම ප්‍ර දේශවල අක්කර දෙසීයකට වැඩි භූමි ප්‍රමාණයක මුංඇට වගාකර තිබෙනවා. කුඹුරු ඉපනැල්ලේ සිදුකළ මෙම මුං වගාවෙන් අක්කරයකින් රුපියල් ලක්ෂයකට වැඩි ආදායමක් ඉපැයීමට හැකි බවයි ගොවීන් පවසන්නේ.

අත්හදාබැලීමක් ලෙස පුත්තලම විලගෙදර ප්‍රදේශයේ සිදුකළ තල වගාවකින් ඉතා ඉහළ අස්වැන්නක් ලැබී තිබෙනවා. සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකා චම්පා සුබසිංහ මහත්මියගේ අධීක්ෂණය යටතේ මාකදුර කෘෂිකර්ම උපදේශක ගයාන් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මතයි මෙම තල වගාව ක්‍රියාත්මක කෙරෙන්නේ. එහි සාර්ථකත්වය මත ඉදිරියේදී වැඩි ඉඩම් ප්‍රමාණයක පැළ වගා කිරීම අරමුණයි.

 

 

The post සෞභාග්‍යා ගෙවතුවගා වැඩසටහන තවදුරටත් සාර්ථකව ක්‍රියාත්මකයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG