නොච්චියාගම හෑළඹව ශ්‍රී බෝධි මළු විහාරස්ථානයට වන අලි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ප්‍රහාරයෙන් තුවාල ලැබූ විහාරාධිපති ස්වාමීන් වහන්සේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.
නොච්චියාගම ශ්‍රී බෝධි මළු විහාරස්ථානයට වන අලි ප්‍රහාරය එල්ල වී ඇත්තේ අද උදෑසනයි. විහාරස්ථානයට ඇතුළුවන වන අලියා දේපොළ රැසකට හානි සිදු කර තිබෙනවා. වන අලි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ ශ්‍රී බෝධි මළු විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කැටවල සීලරතන ස්වාමීන් වහන්සේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.
The post නොච්චියාගම බෝධි මළු විහාරස්ථානයට වන අලි පහර දෙයි – විහාරාධිපති හිමි රෝහලට appeared first on ITN News.
Post a Comment