Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අප්‍රිකානු දරුවන්ගේ ජීවිත සුරැකිම සඳහා මැලේරියා එන්නත්කරණය ආරම්භ කළ බව WHO කියයි  

Add comments

ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මිලියන සංඛ්‍යාත අප්‍රිකානු දරුවන්ගේ ජීවිත සුරැකිම සදහා මැලේරියා එන්නත්කරණය ආරම්භ කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

මෙම එන්නත ලොව ප්‍රථම මැලේරියා මර්දන එන්නත ලෙසයි සැළකෙන්නේ. වසරක් තුළ හදුනාගනු ලබන මැලේරියා රෝගීන් අතරින් සියයට 94 ක් ම අප්‍රිකාවෙන් වාර්තා වනවා. 2019 වසරේදී දරුවන් දෙලක්ෂ හැට දහසකට වැඩි පිරිසක් මැලේරියා රෝගය හේතුවෙන් මිය ගොස් තිබෙනවා.

මැලේරියා පරපෝෂිතයින් විනාශ කිරීමේ ඖෂධ සහ මදුරුදැල් මගින් මෙම රෝග ව්‍යාප්තිය අවම කළ ද මෙලෙස එන්නත් භාවිතයෙන් එය බොහෝ දුරට තුරන් කිරීමේ හැකියාව ලැබෙනු ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්රෝස් ඇඩනොම් ගේබ්‍රියේසස් පවසන්නේ.

 

 

 

The post අප්‍රිකානු දරුවන්ගේ ජීවිත සුරැකිම සඳහා මැලේරියා එන්නත්කරණය ආරම්භ කළ බව WHO කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG