කොලොම්බියාවේ මල්මා නගරයේ සිදුවූ නාය යෑමකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
නාය යෑමෙන් නිවාස රැසක් සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති බව කොලොම්බියා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සදහන් කරනවා. පසුගිය දින කිහිපය පුරා එරටට ඇද හැලුණු අධික වර්ෂාව මෙම නාය යෑම්වලට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.
විනාශ වූ නිවෙස් තුළ සිරව සිටි පුද්ගලයින් 11 දෙනෙකු බේරා ගැනීමට ද සහන කණ්ඩායම් සමත්ව තිබෙනවා. ඔවුන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සදහන්.
The post කොලොම්බියාවේ මල්මා නගරයේ සිදුවූ නාය යෑමකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment