Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානය තුළ විදෙස් මුදල් ඒකක භාවිතය තහනම් කරයි  

Add comments

ඇෆ්ගනිස්ථානය තුළ විදෙස් මුදල් ඒකක භාවිතය තහනම් කිරීමට තලෙයිබාන් සංවිධානය පියවර ගෙන තිබෙනවා.

ඇෆ්ගනිස්ථාන ආර්ථිකය කඩා වැටී ඇති මොහොතක මෙවැනි තීරණවලට එළඹීමෙන් තත්ත්වය තවත් බරපතළ විය හැකි බවටයි විශ්ලේෂකයින් අනතුරු අගවන්නේ. පවත්නා ආර්ථිකය තත්ත්වය හා ජාතික අවශ්‍යතාවය සපුරාලීමට නම් වෙළෙද ගණුදෙනුවලදී ඇෆ්ගන් මුදල් ඒකකය භාවිත කළ යුතු බවයි තලෙයිබාන් සංවිධානය සදහන් කරන්නේ.

ඇෆ්ගනිස්ථානයේ වෙළෙද කටයුතු සදහා ඇමරිකා ඩොලරය බහුලව භාවිතා වනවා. පසුගිය අගෝස්තු මාසයේ දී එරට බලය තලෙයිබාන් සංවිධානයට නතු වීමත් සමග විදෙස් ආධාර අත්හිටුවීම එරට ආර්ථිකය කඩා වැටීමට හේතු වී තිබෙනවා.

 

 

The post තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානය තුළ විදෙස් මුදල් ඒකක භාවිතය තහනම් කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG