Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දින 18 ක් අතුරුදන්ව සිටි දරුවෙකු සොයා ගැනීමට ඕස්ට්‍රේලියා පොලීසිය සමත් වෙයි  

Add comments

දින 18 ක් පුරා අතුරුදහන්ව සිටි අවුරුදු හතරක්  වයසැති කුඩා ගැහැණු දරුවෙකු ජීවග්‍රාහිව සොයා ගැනීමට ඕස්ට්‍රේලියා පොලිසිය සමත් වුණා.

බටහිර ඔස්ට්‍රේලියාවේ කානවාන් නගරයේ විනෝද චාරිකාවක නිරතව සිටියදී ක්ලියෝ ස්මිත් නැමති දැරිය පසුගිය 16 වනදා අතුරුදහන් වුණා. පසුව ඇය සොයා දැවැන්ත මෙහෙයුම් රැසක් සිදු කිරීමටයි බලධාරීන් පියවර ගත්තේ.

අද උදෑසන කානවාන් නගරයේ විශේෂ මෙහෙයුමක් සිදු කළ අතර අගුලු දැමූ නිවසක් තුළ සිටියදී දැරිය සොයා ගැනීමට පොලිසිය සමත් වුණා. ඇය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් 36 හැවිරිදි පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

The post දින 18 ක් අතුරුදන්ව සිටි දරුවෙකු සොයා ගැනීමට ඕස්ට්‍රේලියා පොලීසිය සමත් වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG