Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

2030 වසර වනවිට වන සංහාරයට තිත තැබීමට ලෝක නායකයින් පොරොන්දු වෙයි  

Add comments

2030 වසර වනවිට වන සංහාරයට තිත තැබීමට ලෝක නායකයින් පොරොන්දු වී තිබෙනවා.

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝහිදී ආරම්භ වූ  එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබද සමුළුවට එක්වෙමිනුයි රාජ්‍ය නායකයින් මෙම පොරොන්දුව ලබා දී ඇත්තේ.  වන සංහාරය අත්හිටුවීමට එකගත්වය පළ කර ඇති රාජ්‍ය නායකයින් සංඛ්‍යාව සියයකට අධිකයි. එමෙන්ම ඒ සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලෙස ඇමරිකා ඩොලර් බිලියන 19 කට අධික මුදලක්ද ලබාදීමට මෙහිදී එකගතාවය පළ වුණා. නැවත වන වගාව සිදු කිරීමට,  ලැව්ගිනි මැඩ පැවැත්වීමට හා ගෝත්‍රික ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීමට එම අරමුදල් යොදා ගනු ඇති. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට බලපා ඇති කාබන්ඩයොක්සයිඩ් වායුව ඉහළ යාමට දැනට ලොව සිදුවන වන සංහාරය හේතු වී තිබෙනවා.

ලොව වැඩිම වන විනාශය ලෙස සැලකෙන ඇමසන් වැසි වනාන්තරයේ සිදුවන වන සංහාරයට චෝදනා එල්ල වන්නේ බ්‍රසීලයටයි. කැනඩාව,  බ්‍රසීලය,  රුසියාව හා ඉන්දුනිසියාව ලොව වන ඝණත්වයෙන් සියයට අසූ පහකට උරුමකම් කියන අතර ඔවුන් සියලු දෙනා මෙම පොරොන්දුව සදහා අත්සන් තැබීමට නියමිතයි. ෆාම් ඔයිල්,  සෝයා හා කොකෝවා යන වගාවන් අත්හිටුවීමට ද රටවල් විසි අටක් මෙහිදී එකගතාවය පළ කර තිබෙනවා.

 

The post 2030 වසර වනවිට වන සංහාරයට තිත තැබීමට ලෝක නායකයින් පොරොන්දු වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG