වයස අවුරුදු 5-11ත් අතර දරුවන්ට වයිරසයට එරෙහි එන්නත ලබාදීමට උනන්දුවන ලෙස ඇමරිකාවේ ළමා රෝග විශේෂඥයින් දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා.
ඇමරිකාවේ වයස අවුරුදු 5 -11 ත් අතර දරුවන්ට වයිරසයට එරෙහි ෆයිසර් එන්නත ලබාදීම මේ සතියේ දී ආරම්භ කිරීමට නියමිතයි. ඒ සඳහා අවශ්‍ය එන්නත් මාත්‍රා මිලියන 15 ක් පමණ මේ වනවිටත් අවශ්‍ය ප්‍ර දේශවලට බෙදාහැර අවසන් බවයි වාර්තා වන්නේ. අවුරුදු 5 -11 ත් අතර දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම සඳහා පසුගිය සිකුරාදා දිනයේ දී එරට ආහාර හා ඖෂධ නියාමන අධිකාරිය අවසර ලබා දුන්නා. දරුවන්ට එන්නත ලබාදෙන ආකාරය සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබාදීම අද දිනයේ දී සිදු කිරීමට නියමිතයි.
The post ඇමරිකාවේ අවුරුදු 5-11ත් අතර දරුවන්ට මෙම සතිය තුළ කොරෝනා එන්නත appeared first on ITN News.
Post a Comment