යුද්ධයේ දී දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් පැවැත්වෙන පොපි මල් සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ සභාපති, අද්මිරාල් (විශ්‍රාමික) දයා සඳගිරි විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත පොපි මලක් පැළඳවීම අද (02) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
පළමුවන හා දෙවන ලෝක යුද්ධයේ දී දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් ප්‍රථම වරට මෙම පොපි මල් සැමරුම ආරම්භ වී ඇත. වර්තමානයේදී මව්බිම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ සියළුම වීරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීම වෙනුවෙන් මෙම පොපි මල් සැමරුම පවත්වනු ලබන අතර, ඒ අනුව යුද්ධයේදී ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ විරෝධාර නාවික පුද්ගලයන් අනුස්මරණය කරමින් ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ සභාපති විසින් නාවික හමුදාධිපති වෙත පොපි මලක් පැළඳවීම මෙලෙස නාවික හමුදා මුලස්ථානයේදී සිදු කෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සංගමය නියෝජනය කරමින් සාමාජිකයින් පිරිසක් ද සහභාගි වී සිටියහ.
The post නාවික හමුදා සංගමය විසින් නාවික හමුදාධිපති වෙත පොපි මලක් පළඳවයි appeared first on ITN News.
Post a Comment