බල්ගේරියාවේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
මිය ගිය පිරිස අතරට දරුවන් දොලොස් දෙනෙකු ද ඇතුළත්. බස් රථය මාර්ග බාධකයක ගැටීමෙන් අනතුරුව ගිනි ගෙන ඇති බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. කෙසේ වුවද බස් රථය ගිනි ගැනීම හේතුවෙන් අනතුරට ලක් වූයේ ද නැතිනම් අනතුරට ලක්වීමෙන් පසු ගිනි ගත්තේ ද යන්න පැහැදිලි නොමැති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය සදහන් කරනවා.
අනතුරෙන් පුද්ගලයින් හත් දෙනෙකු දිවි බේරා ගැනීමට සමත්ව ඇති අතර ඔවුන් ද පිළිස්සුම් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් මේ වනවිටත් ආරම්භ කර තිබෙනවා.
The post බල්ගේරියාවේ සිදුවූ බස් අනතුරකින් 45 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment