ඇමරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්ත බලධාරීන් කොරෝනා වයිරසය හේතුවෙන් මිය ගිය පුද්ගලයන් ගණන නිවැරදිව හෙළි කර නොමැති බව අනාවරණය වී තිබෙනවා.
නිව්යෝර්ක් ප්‍රාන්තයේ හිටපු ආණ්ඩුකාර ඇන්ඩෘ කියුමෝගේ පාලන කාලය තුළදී නිව්යෝර්ක් නගරයේ කොරෝනා වයිරසයෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව අඩුවෙන් දක්වා ඇති බවයි හෙළිව තිබෙන්නේ. නිව්යෝර්ක් ප්‍රාන්තයේ සාත්තු නිවාසයන්හි වාසය කළ වැඩිහිටියන් මිය ගිය විට ඔවුන්ගේ සංඛ්‍යා ලේඛන මිය ගිය සමස්තය අතරට එක් කර නැහැ.
එම සංඛ්‍යාව දහසය දහසක් තරම් ඉහළ අගයක් බවයි වාර්තා වන්නේ. එමෙන්ම වයිරස ආසාදිතයින් හැට අට දහසක් පමණ දත්ත අතරට එක් වී නොමැති බවද සදහන්. ඒ පිළිබදව ලැබුණු තොරතුරක් මත සිදු කළ පරීක්ෂණයකින් මේ බව අනාවරණය වී තිබෙනවා.
The post නිව්යෝර්ක් බලධාරීන් Covid මරණ ගණන නිවැරදිව හෙළි කර නොමැති බව අනාවරණය වෙයි appeared first on ITN News.
Post a Comment