Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකාවේ ඛනිජ තෙල් සංචිත හදිසි භාවිතය සඳහා නිකුත් කිරීමේ සූදානමක්  

Add comments

ඇමරිකාවේ පවත්නා ඛනිජ තෙල් සංචිත හදිසි භාවිතය සදහා නිකුත් කිරීමේ සූදානමක් පවතින බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

ඉන්ධන මිල ඉහළ යාම පාලනය කිරීමට නම් එරට ඉන්ධන සංචිත භාවිතයට නිකුත් කිරීම අත්‍යවශ්‍ය බව ඇමරිකා සෙනට් මණ්ඩලය ද පසුගියදා ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් නිල ප්‍රකාශය ජනාධිපති ජෝ බයිඩන් අද සිදු කරනු ඇති බවට වාර්තා වනවා.

එමෙන්ම චීනයෙන් ද  බොරතෙල් සංචිත හදිසි භාවිතය සදහා නිකුත් කරන ලෙසයි ඇමරිකාව ඉල්ලීම් කර ඇත්තේ. තවද ඉන්දියාව, ජපානය හා දකුණු කොරියාව ද තම ඉන්ධන සංචිත වෙළෙදපොළට නිකුත් කරනු ඇති බවට ඇමරිකාව තම විශ්වාසය පළ කරනවා.

බොරතෙල් නිෂ්පාදනය වැඩි කිරීමට පියවර ගන්නා ලෙසද ඇමරිකාව ඇතුලු ලෝක බලවතුන් ඔපෙක් සංවිධානය ඉල්ලීම් කර ඇති බවද සදහන්.

 

The post ඇමරිකාවේ ඛනිජ තෙල් සංචිත හදිසි භාවිතය සඳහා නිකුත් කිරීමේ සූදානමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG