සීනි සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට තීරණය කළ බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.
සීනි ආනයනකරුවන් හා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙලෙස පාලන මිල ඉවත් කිරීමට තීරණය කළ බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
ඒ අනුව රුපියල් 150 ක උපරිම මිළකට සීනි අලෙවි කිරීම සඳහා ආනයනකරුවන් එහිදී එකඟ වී තිබෙනවා.
රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ලෝක වෙළඳපොළේ සීනි මිල පහළ යාමක් සිදු වුවහොත් මිල අඩු කිරීමටද ආනයනකරුවන් එකඟ වූ බවයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය සැප්තැම්බර් 02 වනදා ගැසට් පත්‍රයට අනුව සුදු සීනි කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 122ක් ලෙසත්, පැකට් කළ සුදු සීනි කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 125ක් ලෙසත් පාලන මිලක් පනවා තිබුණා.
ආනයනකරු විසින් අලෙවි කළයුතු සුදු සීනි කිලෝග්‍රෑමයක උපරිම තොග මිල රුපියල් 116ක් ලෙසයි ගැසට් කර තිබුණේ.
The post සීනි සඳහා පනවා තිබූ පාලන මිල ඉවතට appeared first on ITN News.
Post a Comment