Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සහරාන්ගේ බිරිඳ ඇතුළු 6 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට  

Add comments

සහරාන් හෂීම්ගේ බිරිද ඇතුළු පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් හය දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මේ අතර තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලමින් සිරිල් ගාමිණී පියතුමා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 8 වනදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා.

පාස්කු ප්‍රහාරයේ ස්වයං ඝාතක බෝම්බකරු සහරාන් හෂීම්ගේ බිරිද වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා ඇතුළු සැකකරුවන් හයදෙනා ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. කෝවිඩ් තත්ත්වය හමුවේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ. ඔවුන් ස්කයිප් තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා අදාළ නියෝගය නිකුත් කළේ.

The post සහරාන්ගේ බිරිඳ ඇතුළු 6 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG