Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වීථි නාට්‍ය කලාවේ පුරෝගාමීන් ඇගයීමට ලක් කෙරේ  

Add comments

ශ්‍රී ලාංකේය වීථි නාට්‍ය කලාවට මහඟු මෙහෙවරක් ඉටුකළ නිහාල් සුරංජි මහතා ඇතුළු ශිල්පීන් ඇගයීම පසුගියදා සිදුවුණා.

මෙරට වීථි නාට්‍ය කලාවේ නිර්මාතෘ ආචාර්ය ගාමිණි හත්තොටුවේගම මහතා සමඟ එක්ව වීථි නාට්‍ය කලාවට මෙන්ම වේදිකා ටෙලිනාට්‍ය චිත්‍රපට ආදී ක්ෂේත්‍ර රැසකට නළු නිළියන් රැසක් දායාද කිරීමට නිහාල් සුරංජි මහතා කටයුතු කළා. කොළඹ විවෘත වීථි නාට්‍ය කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙකු වූ ඒ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. කුරුණෑගල ජනතා වේදිකා වීථි නාට්‍ය කණ්ඩායම ඇතුළු තවත් වීථි නාට්‍ය කණ්ඩායම් රැසක් බිහිකිරීමට ද නිහාල් සුරංජි මහතා දායක වුණා. අරකාවිල හටන , ප්‍රොමීතියස් බන්ධනය ඇතුළු වේදිකා නාට්‍ය රැසක් ද ඔහුගේ නිර්මාණ අතරට එක්වුණා. මෙරට ජනතාවගේ දැවෙන ප්‍රශ්න වීථි නාට්‍ය හරහා කරළියට ගෙනඒමට කටයුතු කළ නිහාල් සුරංජි මහතා ඇගයීමට කුරුණෑගල ජනතා වේදිකා වීථි නාට්‍ය කණ්ඩායමත් , කොළඹ විවෘත වීථි නාට්‍ය කණ්ඩායමත් කටයුතු කළා. වීථි නාට්‍ය කලාවට විශාල දායකත්වයක් සැපයූ එඩ්වඩ් කාලිංග , දීපානි සිල්වා ඇතුළු ශිල්පීන් ද ඇගයීමට ලක්වුණා.

The post වීථි නාට්‍ය කලාවේ පුරෝගාමීන් ඇගයීමට ලක් කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG