කොරෝනා වයිරස ව්‍යාප්තිය මැඩලීමට පනවා ඇති නව නීතිවලට විරෝධය දක්වමින් අඛණ්ඩව තුන්වන දිනටත් යුරෝපය පුරා උද්ඝෝෂණ පැවැත්වෙනවා.
නව නීතිවලට විරෝධය දක්වමින් පැවැත්වෙන උද්ඝෝෂණ ඊයේ දිනයේ සිට ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ. උද්ඝෝෂකයින් හා පොලීසිය අතර ගැටුම් හේතුවෙන් නෙදර්ලන්තයේ පුද්ගලයින් දස දෙනෙකු පමණ රෝහල්ගතකර තිබෙනවා. වයිරස ව්‍යාප්තිය හේතුවෙන් ඕස්ට්‍රියාවද අද සිට වසා දැමෙන අතර ඊට විරෝධය පළ කරමින් රට පුරා උද්ඝෝෂණ ක්‍රියාත්මකයි. නව නීතිවලට විරෝධය පළ කරමින් බෙල්ජියමේ පැවති උද්ඝෝෂණ අතරතුරදී ද පොලීසිය හා උද්ඝෝෂකයින් අතර දරුණු ගැටුම් හටගත් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
The post නව කොරෝනා නීතිවලට විරෝධය දක්වමින් අඛණ්ඩව තුන්වන දිනටත් යුරෝපය පුරා උද්ඝෝෂණ appeared first on ITN News.
Post a Comment