ඉන්දියාවේ දිල්ලි අගනුවර වායු දූෂණය තවමත් ඉහළ අගයක පවතින බැවින් අගනුවර පාසල් නැවත දැනුම් දෙනතුරු වසා තබන බව එරට අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
සති දෙකක කාලයක් පුරා ඉන්දියාවේ දිල්ලි අගනුවර වායු තත්ත්ව දර්ශකයේ අගය ඉහළ මට්ටමකයි පවතින්නේ. ඊයේ දිනයේද එහි අගය දැක්වුණේ 382 ක් ලෙසයි. අගනුවර පුරා ඝන දුමාරයකින් වැසී තිබෙන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. මෙම තත්ත්වය ඉතාමත් භයානක ප්‍රතිඵල අත්කරදිය හැකි බවටයි සෞඛ්‍ය අංශ බිය පළ කරන්නේ. දිල්ලි නගරයෙන් වාර්තා වන ශ්වසන රෝගීන් සංඛ්‍යාව ඉතාමත් ඉහළ අගයක පවතිනවා. ඒ අතුරින් බහුතරයක් කුඩා දරුවන් බවයි වාර්තා වන්නේ.
The post දිල්ලි අගනුවර පාසල් නැවත දැනුම් දෙනතුරු වසා තැබේ appeared first on ITN News.
Post a Comment