රුසියාවෙන් දෛනිකව වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බව වාර්තා වනවා.
ගතවූ පැය 24 ට රුසියාවේ කොරෝනා මරණ 1252 ක් සිදුව තිබෙනවා. ඒ සමඟම එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 264,095 දක්වා ඉහළ ගියා. රුසියාව තුළ වයිරස ව්‍යාප්තිය වේගවත්වීමට හේතු වී ඇත්තේ වයිරසයට එරෙහි එන්නත්කරණය මන්දගාමීවීම හේතුවෙන් බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. එරට තුළ මේ වන තෙක් වයිරසයට එරෙහි එන්නත් ලබාගෙන ඇත්තේ ජනගහනයෙන් 40%කට ආසන්න සංඛ්‍යාවක් පමණයි. මේ අතර රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් වයිරසයට එරෙහි ස්පුට්නික් වී එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
The post රුසියාවෙන් වාර්තා වන දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළට appeared first on ITN News.
Post a Comment