Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා සිරිල් ගාමිණී පියතුමන්ගෙන් පෙත්සමක්  

Add comments

තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත නිකුත් කරන ලෙස ඉල්ලා කතෝලික සභාවේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ සිරිල් ගාමිණී පියතුමන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත දිසානායක, සහකාර පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න, නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.තිලකරත්න, පොලිස්පති චන්දන වික්‍රමරත්න, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සාලි,
මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් සහ නීතිපතිපතිවරයා එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත.

මෙම පෙත්සම ගොනු කර තිබුණේ අග්‍රාමාත්‍ය නීති උපදේශක නීතිඥ නාමල් කරුණාරත්න සහ උදාර මුහන්දිරම්ගේ යන මහත්වරුන් මාර්ගයෙන්.

පසුගියදා පැවති සාකච්ඡාවකදී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශන පිළිබදව සිරිල් ගාමිණී පියතුමන් කළ ප්‍රකාශයකට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් කර තිබෙනවා.

එම පැමිණීල්ලට අදාලව ප්‍රකාශයක් ගැනීමට හෙට දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස යළි දැනුම් දී ඇති බවත් ප්‍රකාශයක් ගැනීමෙන් පසුව තමන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව සූදානමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් සදහන් කරමිනුයි සිරිල් ගාමිණී පියතුමන් අද දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙන්නේ.

උන්වහන්සේ එමගින් ඉල්ලා සිටින්නේ පෙත්සම විභාගයට ගෙන තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තෙක් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත නිකුත් කරන ලෙසයි.

The post තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා සිරිල් ගාමිණී පියතුමන්ගෙන් පෙත්සමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG