සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය වන අද දිනයේ වර්ෂාවෙන් බාධා එල්ලවුණා.
වර්ෂාව නිසා අද දිනයේ තරගය නතර කරන විට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුළු 9ක් දැවී ලකුණු 224ක් රැස්කරගෙන සිටියා. පන්දු යැවීමේදී රමේෂ් මෙන්ඩිස් සහ ප්‍රවීන් ජයවික්‍රම කඩුළු 3 බැගින් බිද හෙළුවා.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 386ක් රැස්කර ගත්තා. නායක දිමුත් කරුණාරත්න ලකුණු 147යි.
කොදෙව් කණ්ඩායම මේ වනවිට සිටින්නේ ශ්‍රී ලංකාව පළමු ඉනිමේ ලබා ගත් ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 162ක් පසුපසිනුයි.
මේ අතර ලංකා ප්‍රිමියලීග් තරගාවලිය සීමිත ප්‍රේක්ෂකයන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය හිමිවූ බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කරනවා. ප්‍රිමියලීග් තරගාවලිය ලබන 5 වනදා ආරම්භ වන අතර දෙසැම්බර් 23 වනදා එය අවසන් වීමටයි නියමිතව ඇත්තේ.
The post ශ්‍රී ලංකා – කොදෙව් පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයට වර්ෂාවෙන් බාධා appeared first on ITN News.
Post a Comment