Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කඩුගන්නාව නාය යෑම කඩිනමින් යථා තත්ත්වයට පත්කොට වෙළදසැල් යළි ඉදිකිරීමට පියවර  

Add comments

කොළඹ නුවර මාර්ගයේ නාය යෑමේ අවදානමට ලක්වී ඇති කඩුගන්නාව ප්‍රදේශය යථා තත්ත්වයට පත්කොට වෙළදසැල් නැවත ඉදිකිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ගරු මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන්
ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ අද (23) පැවති විශේෂ රැස්වීමකදී අදාළ අංශවලට උපදෙස් ලබා දුන්නේය.

තරුණ හා ක‍්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ, සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් ආශ්‍රිත භෝග වගා සහ කර්මාන්තශාලා
නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රාජිකා වික්‍රමසිංහ සහ සාරතී දුෂ්මන්ත යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මීට අමතරව අදාළ රාජ්‍ය ආයතනවල නිළධාරීහු පිරිසක් ද පහළ කඩුගන්නාව වෙළද සංගමය නියෝජනය කරමින් පිරිසක් ද මෙම රැස්වීමට සහභාගී වූහ.

නාය ගිය මෙම ස්ථානයේ ස්ථායිතාව ආරක්ෂා කර ගැනීම සදහා සුදුසු ආධාරක ව්‍යුහ සහ කාණු පද්ධතියක් තුළින් ප්‍රධාන මාර්ගයේ බෝක්කු හරහා ජලය පහළ බෑවුමට විධිමත්ව බැහැර කිරීමට මෙහිදී අමාත්‍යවරයා අදාළ අංශවලට උපදෙස් ලබා ලබා දුන්නේය. තවද මාර්ගය මංතීරු තුනක් සහිතව හා බෑවුම පැත්තේ මීටර් 3ක් පළල තීරුවක්
නැරඹුම් ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට ද මෙහිදී තීරණය විය.

මීට අමතරව, සුදුසු මූල පද්ධතියක් සහිත ශාක හදුන්වා දීම තුළින් බෑවුමේ ස්ථායිතාව වර්ධනය කිරීමට ද මාර්ගය හා පිහිටි ගල් පර්වර්තය අතර කොටස පරිසර සංරක්ෂිත ප්‍රදේශයක් ලෙස සංවර්ධනය කිරීමටද අවශ්‍ය උපදෙස් ලබා දීම මෙහිදී සිදුවිය.

මෙම ප්‍රදේශය අධි සංරක්ෂිත ප්‍රදේශයක් බැවින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ උපදෙස් මත කඩිනමින් සංවර්ධන කටයුතු සිදුකළයුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

The post කඩුගන්නාව නාය යෑම කඩිනමින් යථා තත්ත්වයට පත්කොට වෙළදසැල් යළි ඉදිකිරීමට පියවර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG