හොරණ මිල්ලෑව වත්ත ප්‍රදේශයේ රැදවුම් හා විශෝධන මධ්‍යස්ථානයක් ඉදි කිරීමේ කටයුතු මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරුණා.
ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස මිල්ලෑව වත්ත ප්‍රදේශයේ පදිංචි වතු ජනතාවට පහසුකම් සහිත නිවාස පනස් පහක් ඉදිකිරීමට නියමිතයි. එමෙන්ම ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට ද සැලසුම් කර තිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ මාර්ග සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව සිදුකරන සැලසුම් මෙන්ම අධීක්ෂණය යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා.
ව්‍යාපෘතිය සදහා රුපියල් බිලියන 32ක් වැය කෙරෙනවා.
වැලිකඩ බන්ධනාගාරයේ ඉඩකඩ අවම වීම හේතුවෙන් මෙම රැදවුම් හා විශෝධන මධ්‍යස්ථානය ඉදි කෙරෙනවා.
The post හොරණ රැදවුම් හා විශෝධන මධ්‍යස්ථානයේ ඉදි කිරීම් කටයුතු ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment