ෂින්ජියං උයිගුර් ස්වායත්තයේ චීනයේ විශාලතම කපු නිෂ්පාදන කලාපය තිබේ. 2020 වසරේදී එහි කපු නිෂ්පාදන ප්‍රමාණය රටේ සමස්ත ප්‍රමාණයෙන් 87.3%ක් ගත්තේය. එහි කපු වගාවෙහි නිරත වන ගැමියෙකුට නම්, හෙක්ටාරයකින් යුවාන් 22,500ක වාර්ෂික ආදායමක් ලබා ගත හැකිය.
ෂින්ජියං ප්‍රදේශයේ කපු වගාවේ නිරත වන ගැමියෙක් වන Awutjan Kulahong, දැන් වගා බිමට යන්නේ අඩුවෙන්ය. ඊට හේතුව, නිවසේ සිටම සිය කපු වගාවන්හි තත්ත්වය පරීක්ෂා කරන්න හැකිවීමයි. ඒ ඡංගම දුරකථනයේ මෘදුකාංගයක් මගිනි. ඔහු කී අන්දමට, දැන් බීජ වැපිරීමේ සිට අස්වනු නෙලා ගැනීම දක්වා කපු වගාව පිළිබඳ සම්පූර්ණ ක්‍රියාදාමය සිදු කෙරෙන්නේ යන්ත්‍රෝපකරණ මගිනි. වතුර, බීජ, කෘමිනාශක යොදා ගැනීම මෙන්ම ශ්‍රම වැඩත් බොහෝ දුරට අඩු වී තිබේ. ඔහුගේ කපු වගාබිමේ ප්‍රමාණය, හෙක්ටාර පහක් විතරයි. ඉන් වාර්ෂිකව කපු ටොන් 40ක් ලබා ගත හැකිය. හොඳ ගුණාංගය සහිත ෂින්ජියං ප්‍රදේශයේ කපු නිෂ්පාදිත ඉතා ජනප්‍රියයි. කපු වගාවෙහි නිරත වීම මගින් හොඳට ජීවත් විය හැකි බව Awutjan Kulahong පවසයි.
Ibrayin Hoshur, ෂින්ජියං ප්‍රදේශයේ Korla නගරයේ ගොවිබිමක කපු අස්වනු නෙලන යන්ත්‍ර රියදුරෙක් ලෙස කටයුතු කරයි. මනා නිපුණතාවන් ඇති ඔහු යාන්ත්‍රික වාහන කණ්ඩායමේ නායකයා බවට පත් වූ අතර කෘෂි යන්ත්‍ර 30ක් පාලනය කරයි. ඔහු විස්තර කළ පරිදි, ගොවින්ට විවිධ කෘෂි යන්ත්‍ර යොදා ගැනීමේ හා පැදවීමේ තාක්ෂණය නොමිලේ ඉගෙන ගන්න අවස්ථා ලැබේ. මුලදී ඔහුගේ මාසික වැටුප යුවාන් 5000කි. ඊට පස්සේ යුවාන් 7500ක් දක්වා වැඩි විය. දැන් ඔහුගේ මාසික ආදායම යුවාන් 12000කි. මේ වගේ ආදායමක් නිසා ඔහුට සිය ජීවිතය මනා ලෙස සැලසුම් කරන්න හැකියාව ලැබී තිබේ.
The post චීනයේ ෂින්ජියං ප්‍රදේශයේ ගොවීන්ගේ අධිතාක්ෂණික හා දූරදර්ශී කපු වගාව appeared first on ITN News.
Post a Comment