දිවයින ආසන්නයේ පැවති පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය ඉදිරි පැය 24 ඇතුළත අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුනවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ වයඹ පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

The post කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් appeared first on ITN News.
Post a Comment