ලබන වසරේ මාර්තු මාසය වනවිට යුරෝපා කලාපයේ තවත් කොරෝනා මරණ ලක්ෂ හතක් පමණ සිදුවිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.
යුරෝපා කලාපය තුළ කොරෝනා වයිරසය මේ වනවිට යළිත් වරක් ශීඝ්‍ර යෙන් පැතිර යන ආකාරය දක්නට ලැබෙනවා. වයිරස ව්‍යාප්තිය වැළැක්වීමට නව නීති හඳුන්වා දී ඇති අතර ඊට විරෝධය දක්වමින් යුරෝපයේ රටවල් රැසක උද්ඝෝෂණ ද ක්‍රියාත්මකයි. යුරෝපයේ රටවල් 53 කින් මේ වනවිටත් වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව මිලියන 1.5 ඉක්මවා ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ. ලබන වසරේ මාර්තු මාසය වනවිට යුරෝපයේ රටවල් රැසක දැඩි සත්කාර ඒකකයන් පිරී යනු ඇති බවට එම සංවිධානය අනාවැකි පළ කරනවා. ඔස්ට්‍රියාව යළිත් වරක් වසා දැමුණු අතර ප්‍රංශය , ජර්මනිය හා ග්‍රීසිය බූසටර් එන්නත ලබාදීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
The post යුරෝපයේ කොරෝනා මරණ ගැන අනතුරු ඇඟවීමක් appeared first on ITN News.
Post a Comment