ගෙවතු වගා ව්‍යාපෘති මෙන්ම වර්ෂාව ලැබීමත් සමග රජරට ප්‍රදේශයේ වී වගා කටයුතුද මේ වන විට ආරම්භ කර තිබෙනවා.
සෞභාග්‍යා ගෙවතු වැඩසටහන යටතේ ගම්පහ ප්‍රදේශයේ ජනතාව සදහා එළවළු බීජ ලබාදීමේ වැඩසටහනක් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. කාබනික පොහොර භාවිත කරමින් මෙම වගා කටයුතු සිදු කෙරෙනවා. එමෙන්ම නිවෙස් තුළ කාබනික පොහොර නිෂ්පාදනය කර ගැනීම පිළිබද දැනුවත් කිරීමද මෙහිදී සිදු වුණා. ගම්පහ ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ගුණවර්ධන මහතාද මෙම අවස්ථාවට සහභාගි වුණා.
මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහ කන්නයේ වී වගා කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. ප්‍රධාන ජලාශවලින් ජලය නිකුත් කිරීම අනිද්දා සිට සිදු කෙරෙනවා. කාබනික පොහොර භාවිතයෙන් වගා කටයුතු සිදු කිරීම සදහා තමන් සූදානමින් පසුවන බවයි ගොවීන් ප්‍රකාශ කරන්නේ.
The post වර්ෂාව ලැබීමත් සමඟ රජරට ගොවීන් වී වගා කටයුතු ආරම්භ කරයි appeared first on ITN News.
Post a Comment