Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විනාශ වෙමින් පවතින කල්පිටිය ස්වභාවික කඩොලාන පරිසර පද්ධතිය  

Add comments

කල්පිටිය සිට පුත්තලම දක්වා ප්‍රධාන මාර්ගය දෙපස ස්වභාවික කඩොලාන පරිසර පද්ධතිය විනාශ වෙමින් පවතින බව වාර්තා වනවා. කැළි කසළ බැහැර කිරීම ඊට හේතුවයි.

කල්පිටිය නගරයට මහත් අලංකාරයක් ගෙන දෙන කඩොලාන පද්ධතිය සංචාරක ආකර්ශනය දිනා ගත් සොදුරු තෝ තැන්නක්. එහෙත් ඉවක් බවක් නැතිව ඊට කසළ බැහැර කිරීම හේතුවෙන් මේ වනවිට උග්‍ර පාරිසරික ගැටලු රැසක් පැන නැගී තිබෙනවා. දිනකට කල්පිටිය පුත්තලම ප්‍රධාන මාර්ගයෙහි වාහන 5000 කට අධික සංඛ්‍යාවක් ධාවනය කෙරෙනවා. එම වාහනවල ගමන් කරන අයද ඇතැම් විට කඩොලාන පද්ධතියට අපද්‍රව්‍ය බැහැර කරනවා.

පොලිතින්,ටින්, සත්ත්ව මළ කොටස්, අබලි ද්‍රව්‍ය වැනි අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා සමස්ත කඩොලාන පරිසර පද්ධතියම විනාශ වීම වැඩි ඈතක නොවන බවයි දක්නට ලැබෙන්නේ. වදවී යාමේ තර්ජනයට ලක්ව ඇති ශාකයක් ලෙස රතු දත්ත පොතේ සටහන්ව ඇති කළු කඩොල් ශාකයද මෙම ප්‍රදේශයේ දක්නට ලැබුණද අනාගයේ දී එම ශාකය ද විනාශ විය හැකි බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ. ප්‍ර දේශවාසීන් පවසන්නේ කල්පිටිය කඩොලාන පද්ධතිය තවත් මීතොටමුල්ලක් වීමට ඉඩ නොදීම කල්පිටිය ප්‍රාදේශීය සභාව ඇතුලු බලධාරීන්ගේ යුතුකම බවයි.

 

 

The post විනාශ වෙමින් පවතින කල්පිටිය ස්වභාවික කඩොලාන පරිසර පද්ධතිය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG