Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජාතික රුක් රෝපණ වැඩසටහන යටතේ රුවන්වැලිසෑය හා ථූපාරාම පෙත්මග දෙපස ශාක රෝපණය කරයි  

Add comments

අනුරාධපුර, රුවන්වැලිසෑය හා ථූපාරාම පෙත්මග දෙපස රුක් රෝපනය පසුගියදා ආරම්භ කෙරුණා. ඒ හුස්ම දෙනතුරු ජාතික රුක් රෝපණ වැඩසටහන යටතේයි.

රුවන්වැලිසෑය හා ථූපාරාම පෙත්මග දෙපස රුක් රෝපණයට දායකත්වය දැක්වූයේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් සජ්ජන ද සිල්වා මහතා ඇතුළු එම කාර්යාංශයයි. පෙත්මග දෙපස විශාලව වැඩෙන ශාක 180ක් රෝපණය කිරීම මේ යටතේ සිදු කෙරුණා.

ඒ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම සෑම ගසක්ම ජී එස් පී තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කෙරෙනවා. විස්සයි විසි පහ වන විට රටේ වන වැස්ම සියයට තිහ දක්වා ඉහළ නැංවීම රජයේ අරමුණ බවයි අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේ.

 

The post ජාතික රුක් රෝපණ වැඩසටහන යටතේ රුවන්වැලිසෑය හා ථූපාරාම පෙත්මග දෙපස ශාක රෝපණය කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG