Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට ටෙලි නාට්‍ය වල රඟපෑම තහනම්  

Add comments

ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් රූපවාහිනි ටෙලි නාට්‍යයන්හි රගපෑම් වළක්වාලමින් තලෙයිබාන් සංවිධානය නව නීති පනවා තිබෙනවා.

එමෙන්ම කාන්තා මාධ්‍යවේදීන් හා නිවේදිකාවන් තම හිස නිසි පරිදි ආවරණය කර ගැනීමකින් තොරව පෙනී සිටීමද තහනම් බවයි තලෙයිබාන් සංවිධානය නිවේදනය කරන්නේ. කෙසේ වුවද ඔවුන් පැළදිය යුතු ආවරණය කුමක්ද යන්න මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ කර නැහැ.

තලෙයිබාන් සංවිධානය පනවන නීති බහුතරයක් නොපැහැදිලි බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. කෙසේ වුවද කාන්තාවන්ට හා දරුවන්ට ඔවුන්ගේ අයිතීන් ලබා දීමට තලෙයිබාන් සංවිධානය කැප වී සිටින බව ඊයේ දිනයේදී එරට විදේශ කටයුතු අමාත්‍යවරයා සදහන් කර සිටියා.

 

 

 

 

 

The post ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට ටෙලි නාට්‍ය වල රඟපෑම තහනම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG