විදෙස් සංචාරකයින්ට දෙසැම්බර් මස පළමු වන දින සිට ඔස්ට්‍රේලියාවට ඇතුල් වීමට අවසර හිමි වනවා.
කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් කඩා වැටී ඇති සංචාරක ව්‍යාපාරය නගා සිටුවීම තුළින් ඔස්ට්‍රේලියා ආර්ථික ශක්තිමත් කිරීමට මෙය මහගු අවස්ථාවක් බවයි අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සදහන් කරන්නේ. වයිරස ව්‍යාප්තිය හමුවේ පසුගිය වසරේ මැයි මාසයේ දී ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර දේශ සීමා වසා දැමුණා.
පනවා ඇති නීති පසුගිය මාසයේ දී ලිහිල් කෙරුණු අතර එරට වැසියන්ගේ විදෙස් ඥාතීන්ට පමණක් ඔස්ට්‍රේලියාවට ඇතුලු වීමට ඒ සමගම අවසර හිමි වුණා. ලබන මස පළමු වනදා සිට දකුණු කොරියා හා ජපාන විදෙස් සංචාරකයින්ට එරටට ඇතුලු වීමට අවසර හිමි වනවා.
එමෙන්ම විශ්වවිද්‍යාල සිසුන් ව්‍යාපාරිකයින් හා සරණාගතයින්ට ද තම රටට පැමිණීමට අවස්ථාව හිමි වන බවයි අග්‍රාමාත්‍යවරයා සදහන් කරන්නේ. කෙසේ වුවද ඔවුන් සියලු දෙනා එන්නත් මාත්‍රා දෙකම ලබා තිබීම අනිවාර්යයි.
The post විදෙස් සංචාරකයින්ට දෙසැම්බර් මස පළමු වන දින සිට ඔස්ට්‍රේලියාවට ඇතුල් වීමට අවසර appeared first on ITN News.
Post a Comment