Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා හේතුවෙන් වසා දැමුණු දකුණු කොරියාවේ පාසල් යළි විවෘත වෙයි  

Add comments

කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු දකුණු කොරියාවේ පාසල් අද සිට යළි විවෘත කෙරුණා.

වයිරස ව්‍යාප්තිය ආරම්භයෙන් පසු දකුණු කොරියාවේ පාසල් විවෘත කෙරුණේ පළමු වරටයි. පාසල්වල පංති කාමරයන්හි සම්පූර්ණ ධාරිතාවමය අධ්‍යයන කටයුතු සඳහා ගෙන්වීමට අවසර හිමිව තිබෙනවා. කොවිඩ් 19 සමඟ ජීවිතය නමින් සැකසූ විශේෂ වැඩසටහනක් යටතේයි එරට පාසල් යළි විවෘත කෙරුණේ. දකුණු කොරියාවේ ජනගහනයෙන් 79% කට ආසන්න සංඛ්‍යාවක් සම්පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට පසුගිය සතියේ දී එරට සෞඛ්‍ය අංශ සමත් වුණා. වයස 12 ත් 17 ත් අතර එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පිරිස 13% කට ආසන්නයි. එන්නත්කරණ ඉලක්ක සම්පූර්ණ කර ගැනීමත් සමඟයි පාසල් යළි විවෘත කිරීමේ තීරණය ගෙන ඇත්තේ. යළිත් වරක් වයිරස ව්‍යාප්තියක් සිදු වුවහොත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩපණ නොවන ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ද සූදානම් කර තිබෙනවා.

 

 

The post කොරෝනා හේතුවෙන් වසා දැමුණු දකුණු කොරියාවේ පාසල් යළි විවෘත වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG