කෝරෝනා ප්‍රතිකාර සදහා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීමේ වැඩසටහනක් පානදුර මූලික රෝහලේදී පසුගියදා පැවැත්වුණා.
මෙරට කෝවිඩ් ප්‍රතිකාර සදහා රෝහල්වලට වෛද්‍ය උපකරණ ලබාදීමේ වැඩපිළිවෙළක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 85,86 ආදි විද්‍යාර්ථීන් සහ නෝර්වේ ශ්‍රී ලංකා පදනම එක්ව සංවිධාන කර තිබෙනවා. මේ යටතේයි පානදුර මූලික රෝහලේදී වෛද්‍ය උපකරණ බෙදාදීමේ වැඩසටහන පැවැත්වුණේ.
ඒ අනුව එම රෝහල මෙන්ම බණ්ඩාරගම, හෝමාගම, බදුල්ල ඇතුළු මූලික රෝහල් 15 කට වෛද්‍ය උපකරණ ලබාදීම මෙහිදී සිදු කෙරුණා. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හා ශ්‍රී ලංකා සිංහ සමාජයේ සභාපති කමල් ජයකොඩි මහතාද ඊට දායක වුණා. එහි වටිනාකම රුපියල් මිලියන 10 කට ආසන්නයි.
පානදුර මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී ඉන්ද්‍රානි ගොඩකන්ද, සිඩ්නි ශ්‍රී ලංකා සිංහ සමාජය සහ නෝර්වේ ශ්‍රී ලංකා සංවිධානය සමග මරදගහමුල දිවුලපිටිය සිංහ සමාජයන්හි නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වුණා.
The post පානදුර මූලික රෝහලේදී වෛද්‍ය උපකරණ ලබාදීමේ වැඩසටහනක් appeared first on ITN News.
Post a Comment