ඇතැම් ගුරු සංගම්වල වෘත්තිය ක්‍රියාමාර්ගයට සහාය දෙන ලෙස දෙමව්පියන්ට බලපෑම් කරමින් උද්ඝෝෂණවලට හවුල් කර ගැනීමේ සිදුවීම් අපට වාර්තා වනවා.
කෙසේ වෙතත් මෙම වෘත්තිය ක්‍රියාමාර්ග අසාර්ථක වූ බවයි දෙමාපියන්ම සදහන් කරන්නේ.
ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට විසදුම් ලබා දීමෙන් පසු පාසල් ආරම්භ කිරීමට ද පියවර ගැණුනා. එවැනි තත්ත්වයක් මත ඇතැම් ගුරු සංගම් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් තවදුරටත් සිය ක්‍රියාමාර්ග අතහැර දමා නැති බවයි දෙමව්පියන් පවසන්නේ. ගුරුවරුන්ට සහාය පළ කරමින් උද්ඝෝෂණවල නිරත වන ලෙස දෙමව්පියන්ට බලපෑම් කර තිබූ ආකාරය දක්නට ලැබුණා. ඇතැම් දෙමව්පියන්ට උද්ඝෝෂණවලට සහභාගි වීමට පැමිණෙන ලෙසට වට්ස්ඇප් පණිවුඩ පවා යොමු කර තිබුණා. තවත් පාසල්වලින් දෙමව්පියන් පාසලට කැදවා තිබුණේ හේතුවක් නොදක්වමින්. බොහෝ දෙමව්පියන් අද පෙරවරුවේ තම දරුවාගේ පාසලට පැමිණියේ දීර්ඝ කාලයකට පසු දරුවා අධ්‍යාපනය ලැබීම සදහා පාසලට පැමිණීමට සූදානම් වන මොහොතේ පාසල් පරිසරය පිරිසිදු කිරීම සදහායි. වල් බිහි වී ඇති එම පරිසරය ශුද්ධ පවිත්‍ර කිරීමටත් පෙර ඇතැම් දෙමව්පියන්ගේ අතට සමහරුන් විරෝධතා පුවරු රැගෙනවිත් දෙන අයුරුද දැක ගත හැකි වුණා. අති බහුතරයක් දෙමාපියන්ගේ අපේක්ෂාව වී ඇත්තේ මාස ගණනාවක් අකුරු කරන්නට නොහැකි වූ තම දරුවන්ට නිදහසේ දැන්වත් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලැබෙනු ඇති බවයි. තම කුඩා දරුවන්ද සමග පාසල පිරිසිදු කිරීමට පැමිණි ඇතැම් දෙමව්පියන්ට එම කුඩා දරුවන් ද සමගින් විරෝධතාවන්ට එක් වීමට සිදු වුණා.
මේ අතර රට තුළ වසංගතයක් පවතින අවස්ථාවක වෘත්තිය සමිති වගකීමෙන් ක්‍රියා කළ යුතු බව බොහෝ දෙනා අවධාරණය කරනවා.
The post දෙමව්පියන්ව වර්ජනයට ඇද ගන්න හදපු ගුරු සංගම් කුමන්ත්‍රණය හෙළි වෙයි appeared first on ITN News.
Post a Comment