වසර 35 කට අධික කාලයක් අනුරාධපුර ප්‍රාදේශීය වාර්තාකරුවෙකු ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය වේදී අතුල බණ්ඩාර මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වුණා.
කලක් රෝගාතුරව සිටි අනුරාධපුර ජ්‍යෙෂ්ඨ මාධ්‍ය වේදී අතුල බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වනවිට 58 වන වියෙහි පසුවුණා. රජරට සේවයෙන් මාධ්‍ය ජීවිතය ඇරඹු අතුල බණ්ඩාර මහතා 1985 වසරේ දී දිනකර පුවත්පතෙන් මාධ්‍ය ජීවිතය අරඹා තිබෙනවා. වසර ගණනාවක්ම ඔහු අනුරාධපුර ස්වාධීන රූපවාහිනි ප්‍රා දේශීය වාර්තාකරුවෙකු ලෙසද කටයුතු කළා. බී බී සි ලෝක සේවයට ද ප්‍රවෘත්ති සැපයූ ඒ මහතා මාධ්‍ය ආයතන කිහිපයකටම අනුරාධපුර වාර්තාකරු ලෙස සේවය ලබා දුන්නා. අනුරාධපුර ප්‍රා දේශීය මාධ්‍ය වේදී අභාවප්‍රාප්ත අතුල බණ්ඩාර මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.
The post ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අතුල බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වෙයි appeared first on ITN News.
Post a Comment