Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඩයනාගේ පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි  

Add comments

තමගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට සමගි ජනබලවේගය ගත් තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය ඉදිරිපත් කළ පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විසි වන සංශෝධනය සම්මත කරන අවස්ථාවේ දී ඊට පක්ෂව ඡන්දය භාවිත කළේ යැයි චෝදනා කරමින් තමන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජනබලවේගය ක්‍රියා කළ බවට ඩයනා ගමගේ මහත්මිය චෝදනා කරනවා. මීට අදාළ නඩු විභාගය ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද කැදවා තිබුණා.

සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මැතිවරණ කොමිසමේ සභාපති නිහාල් ජී පුංචිහේවා සහා එම කොමිසමේ සාමාජිකයන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ඇතුළු එකොළොස් දෙනකු අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

පෙත්සමට අදාළ විරෝධතා ඇත්නම් ලබන 13 වනදාට පෙර ඒවා ගොනු කරන ලෙසට අධිකරණය වග උත්තරකරුවන්ට නියෝග කළා.

 

 

 

The post ඩයනාගේ පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG