Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

‘ඇමරිකා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්න 10ක්’ සම්බන්ධ පර්යේෂණ වාර්තාව නිකුත් කෙරේ  

Add comments

චීන Renmin විශ්වවිද්‍යාලයේ Chongyang මූල්‍ය පර්යේෂණ ඇකඩමියේ ප්‍රධානත්වයෙන් නිකුත් කළ එම වාර්තාව දොර වැඩීමේ උත්සවය මෙන් ම ඒ පිළිබඳ රැස්වීම ඊයේ (06) බෙයිජිං හිදී පැවැත්විණ.

එම වාර්තාව අක්ෂර 23දහසකින් සමන්විත ය. ඇමරිකානු ලේඛණ රැසක් ඉන් සම්පිණ්ඩනය කරමින් විෂ්ලේෂණය කර තිබේ. ඇමරිකානු ක්‍රමවේද අනුගමනය, රට පාලනය, සමාජයේ වත්මන් තත්ත්වය, මානව හිමිකම් නිදහස, ජාත්‍යන්තර බලපෑම් යන ක්ෂේත්‍ර වලින් ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ප්‍රශ්න 10ක් පැන නැගී ඇත.

ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය දේශීය වශයෙන් සමාජ ආරවුල්වලට ‍හේතු වී තිබීම, ජනතා‍වගේ දුෂ්කරතා ඉහළ යාම, බාහිර ව විපත් හා නොසන්සුන්තාවයන් ඇති කිරීම, ජාත්‍යන්තර පටිපාටි විනාශ කිරීම යන ඒ ඒ තත්ත්වයන් කෙරෙහි  එම වාර්තාව මගින් කණස්සල්ල හා විවේචන ඉදිරිපත් කර ඇත.

ඇමරිකාව ඇතුළු චීනයේ රටවල් 30කට වැඩි සංඛ්‍යාවක තානාපති කාර්යාලවල නියෝජිතයෝ, බෙයිජිං නගරයේ සිටින 20ක පමණ විදේශ මාධ්‍ය ආයතන මෙන් ම 40කට වැඩි චීනයේ මාධ්‍ය ආයතන වල මධ්‍යවේදීහු ද වාර්තාව දොරට වැඩීම සඳහා එක් ව සිටියහ.

The post ‘ඇමරිකා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්න 10ක්’ සම්බන්ධ පර්යේෂණ වාර්තාව නිකුත් කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG