Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 5 ඉක්මවා යයි  

Add comments

ඇමෙරිකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටි පහ ඉක්මවා ගියා. ඒ ගතවූ පැය 24ට එරටින් හමුවූ වයිරස් ආසාදිතයින් 77409ත් සමගින්.

ඇමෙරිකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පන්කෝටි පනස් අටදහස් පන්සිය හැත්තෑ දෙක දක්වා ඉහළ ගොස් තිබෙනවා. එරට කොරෝනා මරණ සංඛ්‍යාව අටලක්ෂ නව දහස් පන්සිය හැට අටක් බවයි වාර්තා වන්නේ. මේ අතර ඊයේ දිනයේ දී වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ රුසියාවෙන්.

එම සංඛ්‍යාව 1206ක්. ඒ සමගම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව පනස් දෙලක්ෂ හැත්තෑ අට දහසකට ආසන්න වනවා. ලොව පුරා රටවල් 222කින් හමුවී ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව විසිහය කෝටි හැට හය ලක්ෂ හැත්තෑ අටදහස ඉක්මවා ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ.

 

 

 

 

The post ඇමෙරිකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 5 ඉක්මවා යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG