සාමය හා නිරෝධායන නීති කඩ කිරීමට වරදකරු වූ මියන්මාරයේ හිටපු නායක අවුන් සාන් සුකිට හිමිවූ වසර හතරක සිර දඩුවම වසර දෙකක් දක්වා අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.
මියන්මාරයේ හිටපු නායක අවුන් සාන් සුකිට එරෙහිව චෝදනා 11 ක් යටතේ එරට අධිකරණයේ නඩු විභාග වනවා. එහි පළමු අදියර යටතේ පැවති නඩු විභාගයේ දී ඇය සාමය නිරෝධායන නීති කඩ කිරීමට වරදකරු වන බව අධිකරණය ඊයේ තීන්දු කළා. ඒ හේතුවෙන් ඇයට වසර හතරක සිර දඩුවම් නියම කරන බවයි අධිකරණය සදහන් කළේ.
කෙසේ වුවද එම සිර දඩුවම වසර දෙකක් දක්වා අඩු කිරීමට මියන්මාරයේ හමුදා පාලකයා පසුව පියවර ගත්තා. මේ අතර ඇයට එරෙහිව ලැබුණු නඩු තීන්දුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව තම විරෝධතාවය ප්‍රකාශ කරන බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.
එමෙන්ම ජගත් මානව හිමිකම් සංවිධානයේ ප්‍රධානි මිචෙල් බැචලේ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ එම තීන්දුව ලැජ්ජා සහගත බවයි. මියන්මාරය තුළ පවත්නා අර්බුදකාරී තත්ත්වය තවත් උග්‍ර කිරීමට එය හේතු විය හැකි බවටද ඇය අනතුරු අගවනවා.
තවද අනවසරයෙන් සන්නිවේදන උපකරණ ලග තබා ගැනීම සම්බන්ධයෙන් වන නඩු විභාගය සදහා ලබන 14 වන දින අවුන් සාන් සුකි යළි අධිකරණය හමුවට පැමිණවීමට නියමිතයි.
The post අවුන් සාන් සුකීට හිමිවූ වසර 4ක සිර දඬුවම වසර 2ක දක්වා අඩු කෙරේ appeared first on ITN News.
Post a Comment