Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙම වසර තුළ ඇමෙරිකාවේ වෙඩි තැබීම්වලින් ළමුන් 1410 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

ඇමෙරිකාවේ සිදුවූ වෙඩි තැබීම්වලින් මෙම වසර තුළදී පමණක් ළමුන් 1400කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව නවතම වාර්තාවකින් හෙළිව තිබෙනවා.

ගිනි අවි යොදා ගනිමින් සිදුකරන අපරාධ සම්බන්ධයෙන් වසරක් පාසා ඇමෙරිකාව නිකුත්කරන දත්ත වාර්තාවන්හි මේ බව සඳහන් වනවා. මෙම වසර තුලදී වයස අවුරුදු 17ට අඩු ළමුන් 1410ක් වෙඩි තැබීම්වලින් ජීවිතක්ෂයට පත්ව ඇති බව එහි සඳහන්. පසුගිය වසරේදී වෙඩි තැබීම්වලින් මිය ගොස් ඇති ළමුන් සංඛ්‍යාව 1375ක්. ළමුන් අඩුවෙන්ම මිය ගොස් ඇත්තේ  2019 වසරේයි. එම වසරේදී වෙඩි තැබීම්වලින් මිය ගිය ළමුන් සංඛ්‍යාව 991ක්. පසුගිය වසර විස්සක කාලය ඇතුළත ඇමෙරිකාවේ වැඩිම අපරාධ සංඛ්‍යාවක් සිදුවූ වසර ලෙස 2021 වසර දැක්විය හැකියි. වෙඩි තැබීම්වලින් රටපුරා පුද්ගලයින් හතලිස් එක්දහසකට වැඩි සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව එම වාර්තාවේ දැක්වෙනවා. ගිනි අවි යොදාගනිමින් ලොව වැඩිම අපරාධ සංඛ්‍යාවක් සිදුකරන රටවල් අතර පළමු ස්ථානය පසුවන්නේද ඇමෙරිකාවයි. මේ වන විට ඇමෙරිකාව තුළ මානව හිමිකම් අර්බුදයක් නිර්මාණය වීමට මෙය හේතුවී තිබෙනවා.

 

 

 

 

The post මෙම වසර තුළ ඇමෙරිකාවේ වෙඩි තැබීම්වලින් ළමුන් 1410 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG