Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ගැටලුවලට අග්‍රාමාත්‍යතුමාගෙන් විසඳුම්  

Add comments

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සිය ව්‍යාපාර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමේ දී දැනට මුහුණ පා ඇති ගැටලු හඳුනාගනිමින් ඔවුන්ට කඩිනම් විසඳුම් ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට අද (06) දින උපදෙස් දුන්නේය.

පාර්ලිමේන්තු සංකීර්ණයේ  කමිටු කාමර අංක 07හි ව්‍යාපාරික නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍යතුමා මේ බව දැනුම් දුන්නේය.

වසංගත තත්ත්වය හමුවේ විවිධ දුෂ්කරතාවලට මුහුණ පෑ ව්‍යාපාරිකයන් වෙනුවෙන් තවදුරටත් ණය පමා සහන කාලයක් ලබාගැනීම සහ වෙන්දේසිකර ඇති දේපල නැවත ලබා ගැනීම පිළිබඳව මෙහි දී ව්‍යාපාරිකයෝ අග්‍රාමාත්‍යතුමාට කරුණු පැහැදිලි කළහ.

භාණ්ඩ මිලෙහි නිරන්තරයෙන් සිදුවන මිල උච්ඡාවචනය හා තොග හා සිල්ලර වෙළඳාමට ඉන් සිදුවන බලපෑමත් ව්‍යාපාරිකයන්ගේ අසීමිත මිල ඉහළ දැමීම්වලින් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම කෙරෙහිත් මෙහි දී අග්‍රාමාත්‍යතුමා අවධානය යොමු කළේය.

සංචාරක ක්ෂේත්‍රය, බේකරි කර්මාන්තය, මල් පැළ තවාන්, මල් පෝච්චි කර්මාන්තය, වාහන අමතර කොටස් ආනයනය, ඇඟළුම් හා මැණික් ව්‍යාපාර, ලෝහ භාණ්ඩ නිෂ්පාදනය සහ මැනිං වෙළඳපොළ ගැටලු හා ඉදිකිරීම් ක්ෂේත්‍රයට බලපා ඇති ගැටලු සම්බන්ධයෙන් ද ව්‍යාපාරිකයෝ මෙහිදී අදහස් ඉදිරිපත් කළහ.

අදාළ ගැටලු වලට සහන ලබා දීම කෙරෙහි අග්‍රාමාත්‍යතුමා ඒ මොහොතේදීම නිලධාරීන්ගේ අවධානය යොමු කළේය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන්වන ෂෙහාන් සේමසිංහ, රොෂාන් රණසිංහ, ලොහාන් රත්වත්තේ, ඉන්දික අනුරුද්ධ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න, රේගු අධ්‍යක්ෂ ජනරාල් විජිත රවිප්‍රිය, ආනයන හා අපනයන පාලක ජනරාල් දමයන්ති එස් කරුණාරත්න, සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මංජුල හෙට්ටිආරච්චි, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එම්.කේ.සී සේනානායක, වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ. ඒ විමලේන්තිරරාජා, අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම් ප්‍රියන්ත රත්නායක, මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී  කුමාරි නයනා සේනාරත්න, ලංකා බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ඩී.සී. නිලන්ත, ප්‍රාදේශිය සංවර්ධන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එච්.එම්.එම්. ජයසිංහ මහත්ම මහත්මීහු ඇතුළු රාජ්‍ය ආයතන රැසක නිලධාරී මහත්ම මහත්මීහු පිරිසක් එක්ව සිටියහ.

The post සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ගැටලුවලට අග්‍රාමාත්‍යතුමාගෙන් විසඳුම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG