බ්‍රසීලයේ ලැව් ගිනි හේතුවෙන් මිලියන 17 කට ආසන්න වනජීවීන් සංඛ්‍යාවක් විනාශයට පත්ව තිබෙනවා.
එරට පැන්ටල් තෙත්බිම් හරහා පැතිර ගිය ලැව් ගිනි හේතුවෙන් මිය ගිය වනජීවීන් සංඛ්‍යාව ඇස්තමේන්තු කර ගැනීමට බ්‍රසීල වනජීවී විශේෂඥයින් සිදු කළ විමර්ශනයකදී මේ බව අනාවරණය වී තිබෙනවා. ඔවුන්ගේ විමර්ශනයන්ට අනුව මිලියන 17 ක පමණ ජීවීන් සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර උරගයින්, පක්ෂීන්, සහ දුර්ලභ ගණයේ සත්ත්ව කාණ්ඩ ගණනාවක් ඊට ඇතුලත් වනවා. ලොව විශාලතම නිවර්තන තෙත් බිම් කලාපය වන මෙහි හටගත් ලැව්ගිනි ජනවාරි මස සිට නොවැම්බර් දක්වා කාලය තුළ සීඝ්‍ර ලෙස පැතිර ගිය අතර එම භූමි ප්‍රමාණයෙන් 30% ක ප්‍රතිශතයක් මුළුමනින්ම විනාශයට පත්වුණා. ලොව ඇති වඩාත්ම ජෛව විද්‍යාත්මක වටිනාකමකින් යුත් මෙම තෙත්බිම් කලාපය බ්‍රසීලය , පැරගුවේ හා බොලිවියා යන රටවල් පුරා ව්‍යාප්ත වී තිබෙනවා.
The post ලැව් ගිනි හේතුවෙන් බ්‍රසීලයේ මිලියන 17කට ආසන්න වනජීවීන් සංඛ්‍යාවක් විනාශ වෙයි appeared first on ITN News.
Post a Comment