Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

‘‘පාකර් සෝලා ප්‍රෝබ්‘‘ යානය හිරුගේ ඉහළ රැස් වළල්ල අතරින් ගමන් කරමින් දත්ත රැස් කරයි  

Add comments

හිරු ගවේෂණයට යැවූ ‘‘පාකර් සෝලා ප්‍රෝබ්‘‘ රොබෝ යානය හිරුගේ ඉහළ රැස් වළල්ල අතරින් ගමන් කරමින් දත්ත රැස් කළ බව නාසා ආයතනය පවසනවා.

මිනිසා විසින් හිරු ගවේෂණයට යැවූ ප්‍රථම ගවේෂණ යානාය මෙය බවයි නාසා ආයතනය පවසන්නේ. ‘‘පාකර් සෝලා ප්‍රෝබ් ‘‘ හිරුගේ චුම්භක ක්ෂේත්‍රය අධ්‍යයනය කරමින් අංශ සාම්පල එක්රැස් කළ බව එම ආයතනය පවසනවා. හිරුගේ අධික තාපයට ඔරොත්තු දෙන අයුරින් විශේෂිත ක්‍රමවේදයකට අනුව යානය නිපදවා තිබෙනවා. රොබෝ යානය පසුගිය අප්‍රේල් මස 28 වනදා සිට හිරුගේ ඉහළ රැස් වළල්ල අතරින් ගමන් කරමින් දත්ත එක්රැස් කිරීම ආරම්භ කර තිබෙනවා. එම දත්ත විශ්ලේෂණය කරමින් ඒ බව තහවුරු කිරීමට නාසා විද්‍යාඥයින්ට මාස කිහිපයක් ගතවුණා. නාසා ආයතනය පාකර් සෝලා ප්‍රෝබ් යානය පෘථිවියෙන් පිටත් කර හිරු වෙත යවනු ලැබුවේ 2018 වසරේදීයි.

 

 

 

 

 

 

The post ‘‘පාකර් සෝලා ප්‍රෝබ්‘‘ යානය හිරුගේ ඉහළ රැස් වළල්ල අතරින් ගමන් කරමින් දත්ත රැස් කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG