Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා නිසා වසා දමා තිබූ පිලිපීනයේ පාසල් වසර 2කට පසු ඇරඹෙයි  

Add comments

කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් පිලිපීනයේ වසා දමා තිබූ පාසල් වසර දෙකක කාලයකට පසුව නැවත ආරම්භ කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

පිලිපීනයේ පාසල් ආරම්භ කිරීම අදියර කිහිපයක් යටතේ සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ. පළමු අදියර යටතේ වයස අවුරුදු 6 ත් 9 ත් අතර දරුවන්ගේ අධ්‍යයන කටයුතු  ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. කෙසේ වුවද දැඩි නිරෝධායන සීමා මධ්‍ය යේ පාසල් ආරම්භ කිරීම සිදු කර ඇති බව සදහන්.

සිසුන් දෙදෙනෙකු අතර පරතරය මීටරයක් වන පරිදි ප්ලාස්ටික් ආවරණ යොදා ගනිමින් ආසන පනවා තිබෙනවා. එක් පංති කාමරයකට ඇතුල් කළ හැකි උපරිම සිසුන් සංඛ්‍යාව 15 ක්. එමෙන්ම සියලුම සිසු සිසුවියන් හා ගුරු භවතුන් මුඛ ආවරණ පැලදීම ද අනිවාර්ය වනවා. වයිරස ව්‍යාප්තිය හේතුවෙන් එරට සිසුන් මිලියන 27 කගේ පමණ අධ්‍යාපන කටයුතු අඩාල වී ඇති බවයි වාර්තා වන්නේ.

 

 

The post කොරෝනා නිසා වසා දමා තිබූ පිලිපීනයේ පාසල් වසර 2කට පසු ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG